ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දියා අසල්වැසියා හමුවිම සතුටක් බවත් ඔහු සමග කලාපයේ සංවර්ධනය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් ජනපතිවරයා සිය ට්විටර් සටහනේ ලියා ඇත. ඉන්දියාවේ ගෝවේ නුවරදී පැවැත්වෙන 8 වැනි බ්‍රික්ස් සමුළුවට සහභාගීවීම සඳහා ආරාධිතයකු ලෙස ගිය මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා ජනාධිපති ගෝවේ දී නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති අද (16) හමුවී තිබේ.
බ්‍රික්ස් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකා රටවල සමුළුවකි. බෙංගාල බොක්කේ බහුවිධ තාක්ෂණ හා ආර්ථික සහයෝගීතා ශක්තියෙන් (බ්‍රිම්ස්ටෙක්) රටවල් ද මේ සමුළුවට ඇරියුම් ලබා සිටිති. ඒ අනුව ශ්‍රී ලංකාව, බංගලිදේශය, මියන්මාරය, නේපාලය හා තායිලන්තය ද බ්‍රික්ස් සමුළුවට ඇරයුම් ලැබීය.