අසමගිය ඇති කරන්න SMS යවලා
මුස්ලිම් ජනතාවට විරුද්ධව අගෝස්තු 10 වැනිදායින් පසුව නැවතත් ප්‍රශ්න ඇති කිරීමට යම් පිරිසක් සූදානම් වන බවත්, මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස්වීමක් පැවත්වා ඇති බවත් සඳහන් කරමින් ජාතීන් අතර ගැටුමක් ඇති වන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ යැවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස්වීමක් පැවත්වූ බවද බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබූ විමර්ශනයකින් හෙළිවී ඇත්තේ කුවේට්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු වන රිස්වාන් නමැති අයෙකු මෙම පණිවුඩය මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ප්‍රථමයෙන් එවා ඇති බවයි.
ඒ අනුව විවිධ පුද්ගලයන්ට මෙම පණිවුඩය යොමුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පෙරේදා (04දා) සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොහොමඩ් සිරාස් මොහොමඩ් (පන්නල), මොහොමඩ් ජවුෆර් මෙහොමඩ් රිලා (කොළඹ 14), මුහමිමද් නස්මි (කොළඹ 04), අබිදුල් ලතීෆ් මොහොමඩ් කියාස් ( දෙහිවල) යන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

