බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන්ට තමන් අසත්‍යකරුණු ප්‍රකාශ කළ බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්ෂණ අංශ ප්‍රධානී සචින්ද්‍ර දේවතන්ත්රී මහතා පිළිගෙන ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා බැඳුම්කර කොමිසමට ඊයේ (30දා)දැනුම් දුන්නේය.
මීට පෙර දින මෙම කොමිසම හමුවේ හෙළිවූ කරුණු සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්ෂණ අංශ ප්‍රධානී සචින්ද්‍ර දේවතන්ත්රී මහතා කැඳවා ලබාගත් ප්රකාශයේදී ඔහු මේ බව පිළිගෙන ඇතැයි ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා දැනුම් දුන්නේය.
බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාග කරමින් සිටින අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතා මේ බව දැනුම් දුන්නේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත්,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි (සභාපති)ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදුකෙරේ.
බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාග කරමින් සිටින අතරතුර කොමිසම ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නිලධාරීයෙකු කොමිසමට දුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන්ට කරුණක් දැක්වීමට අවශ්‍ය යැයි පැවසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්ෂණික ප්‍රධානී සචින්ද්රදේවතන්ත්රී මහතාගෙන් කොමිසමේ විමර්ශන නිලධාරීන් ලබාගත් ප්රකාශයේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලබාගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා මුලින් තිබූක්රමවේදය ශ්‍රී ලංකා මහ බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය තහනම් කළ පසුගිය ජූලි 06 වැනිදා ඉවත් කොට එදින සිට නව පද්ධතියක් ස්ථාපනය කොට ඇති බව හෙළිකොට ඇතැයි පැවසූ ලිවේරා මහතා, එම කරුණු සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ හෙළිවූ කරුණු අනුව ඔහුගෙන් යළිත් වරක් ප්‍රකාශයක් ලබාගත් බවත්, එහිදී තමන් මුල් අවස්ථාවේදී අසත්‍ය කරුණු පැවසූ බවට ඔහු පිළිගෙන ඇති බවත් පැවසීය.