එළැඹුණු අවුරුදු සමයේ ගම්බිම් බලා පිටිත්වු මගීන්ගේ ගමන් පහසුව සඳහා ශ්රී ලංගම බස්රථ ධාවනය කිරීමෙන් රුපියල් මිලියන අසුහතරක අදායමක් උපයා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
අවුරුදු සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 3482ක් ධාවනයට එක්කළ අතර දුරගමන් සේවා සඳහා බස් රථ ධාවනය කිරීමේදී මගීන් කොළඹ සිට යාමට සෙනග සිටියක් ආපසු කොළඹට ඒමට මේදිනවල සෙනඟ නොසිටි බවද සිරිවර්ධන මහතා පවසයි.
ලංගම දිනකට රුපියල් මිලියන හැට අටක ආදායමක් ලබන අතර අවුරුදු සමයේ දුරගමන්සේවා බස්රථ ධාවනය මේ මස 08 වැනි දින ආරම්භ කළ අතර ඊයේ (17) දිනය වන විට වෙනදා ලබන ආදායම හා සසඳන විට රුපියල් මිලියන දහසයක ආදායමක් ලබා තිබේ.
අවුරුදු වලට ගම්බිම් බලා යන මගීන් සඳහා විශේෂ බස්රථ ධාවනය මේ මස 08 වැනි දින සිට 21 වැනි දින දක්වා ධාවනය කෙරෙනු ඇත.