පසුගිය වසර හා සැසදීමේදී අලුත් අවුරුදු උත්සව සමයේදී සිදුවූ අනතුරුවල සියයට 3 ක පමණ අඩුවක් පෙනෙන්නට ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කුමාර වික්‍රමසිංහ මහතා පැවැසුවේ පසුගිය 13 දා හා 14 දා උත්සව සමයේදී සිදුවූ අනතුරු හේතුවෙන් රෝහල් ගත කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 379ක් බවයි.
රතිඤ්ඤා හා සම්බන්ධ අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් සංඛ්‍යාව එකක් වන අතර පදුගිය වසරේදී එම අගය 6ක් විය.