අවුකන පිළිම වහන්සේ පිහිටි ස්ථානයට අකුණු පතිතවීමේ අවදානමක් පවතින බවට ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පිළිමය ආවරණය කරමින් ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය හේතුවෙන් මේ දිනවල පවත්නා දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය සමග අදාළ ප්‍රදේශයට වැඩි වශයෙන් අකුණු අනතුරු පැවතීමේ අවදානමක් පවතින බවට අවුකන රජමහා විහාරාධිපති හිමියන් ද ප්‍රකාශ කොට තිබුණි.
මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කඩිනම් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතාට අමාත්‍යරයා උපදෙස් දුන් බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.
තවද උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයාබැලීමට විශේෂඥ කණ්ඩායමක් අනුරාධපුරයට පිටත් කර යැවීමට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා පියවර ගෙන ඇත.