පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් සමාජ ශාලාවක නර්තන කටයුතු සඳහා යෙදවීමේ සිද්ධියේ විමර්ශන කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියාමනයට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සිද්ධිය පිළිබඳව පොලීසිය විසින් සිදුකරන ලඳ විමර්ශන කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 1998 අංක 50 දරණ ජාතික ළමා අරක්ෂක අධිකාරියේ පනතේ බලතල වලට අනුව යමින් නියාමනය කිරීම මේ වන විට ආරම්භ කර ඇත.
පවුලේ හිතවතියක් විසින් මෙම දැරිය මංගල උත්සවයකට සහභාගී විමට යැයි පවසා 2017.09.16 වන දින කොළඹ ප්රදේශයට රැගෙනවිත් තිබේ. දැරිය නැවත නිවසට නොපැමිණිම පිළිබඳව ඇගේ මව විසින් 2017.09.19 වන දින පොලීසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව අදාළ පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කළ අතර, අනතුරුව දැරිය කොළඹ ප්රදේශයේ සමාජ ශාලාවක සිට පොලීසිය භාරයට ගෙන ඇත.
දැරියගෙන් ප්රකාශ සටහන් කිරීමේදී අනාවරණය වුයේ නිවසින් දැරිය රැගෙන ගිය කාන්තාව ඇතුළු කිහිපදෙනෙකු විසින් එම දැරිය රාත්රී සමාජ ශාලාවක නර්තනයේ යොදවා ඇති බවයි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.