මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු රක්තහීනතාවෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා සිටියේ යැයි වාරිමාර්ග, ජල කළමනාකරණ හා අපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (18දා) තඹුත්තේගම මූලික රෝහලේ බහුකාර්ය ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
සංඛ්‍යාලේඛන දෙස බැලූවිට බෝවන රෝගවලට වඩා බෝනොවන රෝගවලින් පෙළෙන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර වයස අවුරුදු පහට අඩු දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු රක්තහීනතාවෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා සිටියේ යැයි හෙතෙම පැවසීය.
තවද ලෝකයේ වැඩිම සීනි ප්‍රමාණයක් තනි පුද්ගලයෙකු ලබාගන්නා රට ලංකාව බවට තමන් අදහස් කරන බවත් දියවැඩියා රෝගයට කුඩා දරුවා පවා ගොඳුරු වී සිටින බවත් එහිදී ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම සෞඛ්‍ය ආයතනවල විශේෂඥ සේවාවන් සැපයීමට අවශ්‍ය වෛද්‍යවරුන් හා කාර්යමණ්ඩලවල අඩුවක් පවතින අතර විශේෂඥ වෛද්‍ය සේවාව ලබාදීමට සිටින නිලධාරීන්ගේ හිඟය හේතුවෙන්ද මේ වන විට රෝහල් තුළ විශාල අර්බුදයක් හටගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තඹුත්තේගම - නන්දන කුමාර