පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය තවත් පැය කිහිපයකින් එනම් අලුයම 1.30ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගය බ්රසීලය හා ජර්මනිය අතර පැවැත්වෙයි. බ්රසීල කණ්ඩායම තරගයට පිවිසෙන්නේ සිය සුපිරි ක්රීඩක නේමාර්ද සිල්වා හා කහකාඩ්පත් හේතුවෙන් තරග තහනමකට ලක්ව තිබෙන බ්රසීල නායක තියාගෝ සිල්වා නොමැතිවය.