රථ වාහන වැරදි 7ක් සඳහා අවම දඩ මුදල රුපියල් 25,000/- ක් දක්වා ඉහළ දැමිය යුතු බවට අද (21දා) පැවති සාකච්ඡාවකදී එකඟත්වයට පැමිණ තිබේ.
2017 අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර ඇති පරිදි රථ වාහන වැරැදි සඳහා වූ දඩ මුදල් ක්‍රියාත්මක කිරීමට අදාළව තවත් සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවති අතර, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරු, පොලීසිය සහ ප්‍රවාහන ක්ෂේත්රයේ වෘත්තීය සමිති නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක් වූහ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සියලු පාර්ශ්වයන්ගේ එකඟත්වය මත ප්‍රධාන වැරැදි හතක් (07) ක් මෙහි දී හඳුනා ගනු ලැබිණි.
අදාළ සාකච්ඡාවේ දී හඳුනා ගත් රථවාහන වැරදි,
-
බීමත්ව රිය ධාවනය,
-
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය,
-
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට රථ වාහන ධාවනයට ඉඩ සැලසීම,
-
අධික වේගය,
-
වම් පසින් ඉස්සර කිරීම,
-
දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝනය කිරීම,
-
රක්ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය කිරීම.