ජොන්ස්ටන්ගේ නඩුව කල්යයි
සතොස ආයතනයේ සිදු වූ මුදල් වංචාවක් පිළිබඳව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පනවා ඇති නඩුව 2017 වසරේ මාර්තු 24 දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. සතොස හිටපු සභාපති ජෙයරාජ් ප්‍රනාන්දු හා සතොස හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ මෙහොමඩ් ෆකීර් මෙහි සෙසු සැකකරුවෝ වෙති.
හිටපු නාවික හමුදාපතිට රට යෑමට අවසර
ඇවන්ට්ගාඩ් සමාගම පිළිබඳව පැවැත්වෙන නඩුවේ විත්තිකරුවෙකු බවට පත්ව ඇති හිටපු නාවික හමුදපති ජයනාත් කොළඹගේ මහතාට විදෙස් ගතවීමේ තහනම දෙසැබර් 1 දා තෙක් ඉවත්කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27දා) නියෝග කළේය. චීනයේ හා ඉන්දියාවේ පැවැත්වෙන ආරක්ෂක සම්මන්ත්රණ සඳහා එක්වීමට විදෙස් ගතවීමට අවසර දෙන ලෙස හිටපු නාවික හමුදාපතිවරයා නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ
හිටපු පාර්ලිමේන්ත මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයට අදාළව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුව විශේෂ ජුරි සභාවක ඉදිරියේ විභාග කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (27දා) අවසර දුන්නේය.