දේශපාලන බලය ලබාගැනීම උදෙසා ඇතැමුන් පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත් එහිදී රටේ ප්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමට ඔවුන්ට වැදගත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
යාපනය, ශාන්ත පැටි්රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරි ගුරු පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට අද (19දා) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන මෙම පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බවද පවසා සිටියේය.
එම නිසා රටේ ප්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජයගැනීමට අවංක දේශපාලනඥයන්ගේ එකතුවක් රටට අවශ්‍ය අතර, රටට ආදරයෙන් කටයුතු කරන්නැයි තමා සියලු දේශපාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.