මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුල් පළිසේන යන මහත්වරුන් ඉල්ලා සිටි ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළාය. යළිත් ඔවුහු මාර්තු 8 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.