අලුත්ගම හා බේරුවල පැතිර ගිය ප්රචණ්ඩත්වය ඇමෙරිකාව විසින් හෙළා දකින බව ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්රී ලංකා රජය විසින් සාමය සුරක්ෂිත කොට, ජන ජීවිත, ආගමික ආයතන හා දේපල ආරක්ෂා කළ යුතු බව තමන් අවධාරණය කරන බවද එම තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.
සිදුවී ඇති ප්රහාර පිළිබඳ පරීක්ෂණ පවත්වා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බව ඔවුන් අවධාරණය කරන බවද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
සියලුම පාර්ශ්ව විසින් ප්රචණ්ඩත්වයෙන් වැළකී, සංයමයෙන් කටයුතු කර, නීතියේ රීතියට ගරු කළ යුතු බව තමන් අවධාරණය කරන බව එම නිවේදනයෙන් ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.