අලුත්ගම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් දැඩි අනතුරු ඇඟවීමේ ප්රකාශයක් නිකුත් කර ඇති බව බී.බී.සී.ය කියයි.
කුඩා ආගමික කණ්ඩායම් ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බවට එම ප්රකාශයෙන් පිල්ලේ අවධාරණය කර ඇති බව පෙන්වා දෙයි.
ජනතාව කුපිත කිරීමේ ප්රකාශ මෙම පහරදීම්වලට පසුබිම වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය පවසා ඇති බවද බී.බී.සී.ය පවසයි.
මෙම කලබලකාරී වාතාවරණය සෙසු ප්රදේශවලටත් පැතිරී යා හැකි බවට පිල්ලේ විසින් අනතුරු ඇඟවීමක් කර ඇති බවද බී.බී.සී.ය වැඩිදුරටත් පෙන්වා දෙයි.