අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල 2014 වසරේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට අද (22දා) වන්දි ලබාදීම සිදුවිය.
මේ අනුව මියගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ලබාදීමට කටයුතු කෙරිණි.
පුද්ගලයන් තිදෙනෙකු මියගොස් සිටි අතර, මීට පෙර රුපියල් ලක්ෂය බැගින් අත්තිකාරම් මුදල් ලබාදී තිබූ අතර, අද දිනයේදී ඔවුන්ගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 19 බැගින් පිරිනැමීම සිදුවිය.
මීට අමතරව ශාරීරික හානි වෙනුවෙන් ලක්ෂ 45 බැගින් 12 දෙනෙකුට වන්දි ලබාදීම සිදුවිය.
දේපොළ හානි 85ක් සඳහා රුපියල් ලක්ෂ 36ක වන්දි ප්‍රමාණයක් ලබාදීම සිදු වූ අතර, මෙම වන්දි මුදල් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමත්‍යාංශය විසින් ලබාදෙනු ලැබීය.