අලුත්ගම ප්‍රදේශයේදී අද (21දා) සවස පැවැත්වෙන ධර්ම දේශනයකට වැඩම නොකරන ලෙසට පොලීසිය ඇතුළු විවිධ පුද්ගලයන් තමන් වහන්සේට දැනුම් දුන් බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
අලුත්ගම ප්‍රදේශයේ විහාරස්ථානයක් හා තරුණයන් පිරිසක් එක්ව මීට මාස තුනකට පෙර තමන් වහන්සේට ධර්ම දේශනයට ආරාධනා කර තිබෙන බැවින් කිසිවෙකුගේ බලපෑම් ගණන් නොගෙන එම අවස්ථාවට සහභාගිවන බවද ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.
විවිධ පුද්ගලයන් විසින් ඊයේ රාත්‍රිය පුරා දුරකථන ඇමතුම් ලබාදෙමින් මෙම ධර්ම දේශනයට වැඩම නොකරන ලෙසට දැනුම් දුන් බව පැවසූ උන්වහන්සේ ධර්ම දේශනය සංවිධානය කරන තරුණයන්ට ලබාදුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරන බව අවධාරණය කළහ.
රාජගිරිය බොදුබල සේනා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පවසා සිටියහ.