ඉකුත් ජුනි 15 වැනිදා අලුත්ගම හා දර්ගා නගරයේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව රහස් පොලීසිය මේ වනවිට පුද්ගලයන් 400කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර, ඒවා ඉදිරියේදී නීතිපතිවරයාට බාරදීමට නියමිතය.
බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු මහාසංඝරත්නයෙන්ද, මුස්ලිම් මවුලවිවරුන්ගෙන්ද, ග්‍රාම නිලධාරීවරුන්ගෙන්ද, සිංහල හා මුස්ලිම් ජනතාවගෙන්ද මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇත.
මාධ්‍යවේදීන් වන සරත් සිරිවර්ධන හා රත්නසිරි ප්‍රේමලාල් යන මහත්වරුන්ගෙන්ද රහස් පොලීසිය අද (16දා) ප්‍රකාශ ලබාගෙන තිබිණි.
කළුතර සුනිල් එස්. තන්ත්රිආරච්චි