මැදපෙරදිග රැකියාවට ගොස් නැවත ලංකාවට පැමිණ නුවර ප්රදේශයේ සිය නිවස බලා බස් රථයෙන් ගමන් ගන්නා විට අළුත හමුවූ මිතුරෙකු නිසා සිය ශ්රී ලංකා මුදලින් රුපියල් 50000, සවුදි රියාල් 150ක් ජංගම දුරකතන හතරක් අහිමිවූ පුවතක් වරකාපොළින් වාර්තාවෙයි.
සවුදියේ කම්කරු රැකියාවට ගොස් වසර දෙකකට පෙර මෙම තරුණයා ලංකාවට පැමිණ ඇති අතර කොළඹ කොටුව බස්නැවතුම්පොළේදී ඔහු හා මිතුරු වූ පුද්ගලයෙක් නුවර බස් රථයකට ගොඩවී තිබේ.
බස්රිය තේ පානය සඳහා දංඕවිට ප්රදේශයේ නැවැත්වු විට විදෙස්ගතව පැමිණි පුද්ගලයා බස්රියෙන් තේ බීම සඳහා පිටතට පැමිණි අවස්ථාවේදී අලුත් මිතුරා ඔහුගේ මුදල් දමා තිබූ බෑගය හා ජංගම දුරකතන රැගෙන පළාගොස් තිබේ.
වරකාපොළ රංගන රුවන්