අලුත් පරපුර සංවිධානයේ කලාකරුවන් පිරිසකට පසුගියදා කුරුණෑගල කුඹුක්ගැටේ ප්රදේශයේ දී පහර දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සන්ධාන පළාත් සභා මන්ත්රී කමල් ඉන්දික මහතා අද සවස ඇප මත නිදහස්ව ඇතැයි වාර්තාවේ.
කුරුණෑගල අතිරේක මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප නියමව තිබේ.