මෙරට දේශපාලනඥයින් නරක නොමැති බවත් නරක් වී ඇත්තේ ජනතාව බැවින් අලුත් ජනතාවක් පත්කර ගැනීම සිදුකළ යුතුව ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය. අද(28)මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව කීය.
තරුණ නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවකින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව මැතිවරණ කොමිෂන් සභාව හා මැතිවරණ පද්ධති සඳහා වන අන්තර්ජාතික පදනම එක්ව Youth Vote SL නමින් අගෝස්තු මස 5වන දින සිට අගෝස්තු 12 දක්වා දින 7ක ජාතික සමාජ ජාල වැඩසටහනක් ක්‍රියාත්මක කරලීමය කොමිසම සැලසුම්කර තිබේ.
තරුණ පිරිසට අතදීමෙන් ඔවුන්ගේ අදහස් උදහස් ලබාගැනීමෙන් ජනතාව අලුත් කළ හැකි බව තමන් විශ්වාස කරන වග හෙතෙම සඳහන් කළේය.