ජාතික නිදහස් පෙරමුණ විසින් ඉදිරිපත් කළ කරුණු 12 කින් යුත් ක්‍රියාකාරී සැලැස්ම සඳහා ආණ්ඩුවේ අනුමැතිය ලැබී තිබෙන නිසා ඌව පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට සහයෝගය දක්වන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා 'අද' පුවත්පතට පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයට ජාතික නිදහස් පෙරමුණ විසින් ඊයේ (05දා) උදේ නාමයෝජනා භාරදී තිබෙන නිසා එම දිස්ත්‍රික්කය තුළදී ආණ්ඩුවට සහයෝගය දක්වමින් මැතිවරණ කටයුතුවල නිරතවන බවද ඔහු පවසා සිටියේය.
මොනරාගල දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ එක්ව තරග කිරීමට ඊයේ රාත්‍රීයේදී තීරණය කළ බවද ඔහු සඳහන් කළේය. එහිදී එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ශාන්ත ගුණසේකර මහතා බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණ විසින් මැයි 05 වැනිදා ඉදිරිපත් කළ කරුණු 12 කින් යුත් ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05දා) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට එළඹ තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් ප්‍රියංජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය අමාත්‍ය විමල් කුමාර දිසානායක, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු සහභාගි වූහ.