අලුත් අවුරුදු බස් සේවාව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග එක්ව අද (10දා) ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, කඩුවෙල, පිළියන්දල බස් නැවතුම් පොළවල් හා කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, පානදුර, මතුගම, හොරණ, අලුත්ගම බස් නැවතුම් පොළවල් මූලික කරගනිමින් දුර සේවා බස්රථ සේවාව ක්‍රියාත්මක කරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත, කටුනායක, නිට්ටඹුව බස්නැවතුම්පොළවල් මූලික කර ගනිමින්ද විශේෂ බස් සේවාව ක්‍රියාත්මක බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව 40කට වැඩි පිරිසක් එකතු වී බස් රථයක් වෙන්කරගෙන මගී අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමටද අවස්ථාව තිබෙන බවත්, ඒ ආකාරයට බස්රථයක් වෙන් කර ගැනීමට අවශ්‍ය නම් 0112825948 දුරකථන අංකයට දැනුම් දිය යුතු බවදඒ මහතා සඳහන් කළේය.
16 වැනිදායින් පසු ගම්බිම් බලා ගිය ජනතාවට නැවත රැකියා ස්ථානවලට පැමිණීම සඳහාද විශේෂ බස් සේවා ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.