ගොඩකවෙල, කොස්නාතොට ඉඩමක ගැට ගසා තිබූ අලියෙකු බැලීමට ගිය අවුරුදු 50ක් වූ නිශාන්ත වසන්ත කුමාර නැමැත්තෙකු අලියා කළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයා සිය අවුරුදු 05 ක් වයසැති පිරිමි දරුවා සමග අලියා බැලිමට ගොස් තිබෙන අතර අලියා විසින් පියාට කළ පහරදීම දුටු දරුවා කම්පනය හේතුවෙන් ප්රතිකාර සඳහා ගොඩකවෙල රෝහලට ඇතුළත් කර තිබේ. මෙම අලියා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහරස්ථානයට අයිති අලියෙක් බව පොලිස් මූලස්ථානය කියයි.