වනගතව සිටින අලි ඇතුන් අල්ලා මුදලට විකීනීම සිදුකලැයි සැකපිට රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති රොෂාන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන වලදී තහවුරු වී ඇති කරණු මත 2012 වර්ෂයේ සිට අලිපොත ඇතුළු ලිපි ලේඛණ භාරව සිටි නිලධාරිනිය අත් අඩංගුවට ගැනීමට ඊයේ ( 18දා) රහස් පොලීසිය කටයුතු කර තිබේ.
හීලෑ අලි ඇතුන් පිළිබඳව පවත්වාගෙන යන අලි පොත වෙනස් කිරීම සහ වනජීවී දෙපාර්තමේන්තුවේ අදාළ ලිපි ලේඛණ සඳහා ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමේ චෝදනා යටතේ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය අද (19දා) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 21දා දක්වා බන්ධනාර ගත කර තිබේ. මෙම නඩුව නැවැත 21දා කැඳවීමට නියමිත බවත් මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් පිළිබඳව අනාවරණය වුවහොත් ඔවුන් ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.