විදේශිකයන් සඳහා ඊයේ (05දා) අතුරුගිරිය වානේ සංස්ථා ක්රීඩාංගණයේ පැවැත්වූ පෝලෝ ක්රීඩාව සඳහා ගෙන එන ලදැයි කියන සිවු හැවිරිදි අලි පැටවෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී ඇත.
මෙම ස්ථානයේ බලපත්ර රහිත අලි ඇතුන් සිටින බවට ලැබුණ තොරතුරක් මත වනජීවී නිලධාරීන් සහ පොලීසිය අදාළ වැටලීම සිදුකර තිබේ.
අනතුරුව තත්ත්වය සමනය කිරීමෙන් අනතුරුව අදාළ ලියවිලි පරීක්ෂා කිරීමේදී එක් අලියෙකු හිටපු මන්ත්රී චන්දන කත්රිආරච්චි මහතා සතු වූ බවට අනාවරණය කරගෙන ඇති අතර, ඊට අදාළ බලපත්රය අධිකරණයට ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත එම අලියා නිදහස් කර ඇත.
ඉදිරිපත් කළ අනෙකුත් බලපත්රය අදාළ අලිපැටවා සමග නොගැළපී ඇති අතර,ඒ අනුව එම අලි පැටවා වනජීවී භාරයට ගත්තේය. මෙම අලි පැටවා අලි ජාවාරම මත දැනට රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති රොෂාන් නමැති අයට අයත්දැයි විමර්ශන සිදුකරමින් තිබේ.
තිලක් ඇල්විටිගල