මියගිය අලියෙකුගේ ඇටකටු ගොඩගත් බවට චෝදනා ලත් පින්නවල අලි සෆාරි ආයතනයක හිමිකරුවෙකු වන අසේල කුමාර නැමැත්තාට රුපියල් එක්ලක්ෂ පනස්දාහක දඩයක් නියම කිරීමට කෑගල්ල මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
සැකකරු වරද පිළිගැනීමෙන් පසුව මහේස්ත්රාත් අධිකරණය මෙම දඩය නියම කර ඇත. පින්නවල අලි සෆාරි ආයතනයේ සිටි මෙම අලියා කකුලක ඇති වූ ආබාධයක් හේතුවෙන් රෝගාබාධයට ලක්වීමෙන් මියගොස් ඇති අතර, එම අලියා වළදැමූ ස්ථානයෙන් සැකකරු විසින් අලියාගේ ඇටකටු ගොඩගෙන ඇති බවට වනජීවී දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබිණි.