රාජ්‍ය අංශය සතු ව්‍යාපාර අතරින් අලාභ ලැබූ ආයතන 200ක් අතරින් 50 ක් වත්මන් රජයේ වැඩපිළිවෙල යටතේ ලාභ ලබන ආයතන බවට පත්කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා පැවැසීය. අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි ඔහු මේ බව සඳහන් කළේය. එසේම රාජ්‍ය අංශය සතුව ව්‍යාපාර 403ක් පමණ තිබෙන බවත් ඔහු පැවැසීය.