නොච්චියාගම වැව් බැම්මක් ප්රතිසංස්කරණය කර ඒ සඳහා ලැබිය යුතු මුදල් ලබාගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කොන්ත්රාත්කරුගෙන් රුපියල් 30,000ක අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කළ නොච්චියාගම, රනෝරාව ප්රාදේශීය ගොවිජන සේවා ප්රාදේශීය නිලධාරීවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ගොවිජන සේවා නිලධාරීවරයා නොච්චියාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.