අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණ අඩාළ කරනු පිණිස එම කොමිසමේ සාමාජිකයකු ඉල්ලා අස්වූවත්, එහි විමර්ශන කටයුතු කිසිවක් අඩපණ වී නොමැති බව එම කොමිසම පවසයි. පසුගිය මාස කිහිපය තුළ කොමිසම වෙත ඉදිරිපත් වූ පැමිණිලි තුන්සියයක් පමණ විමර්ශන කටයුතුවලින් අඩකටත් වැඩි ප්රමාණයක් අවසන් ව ඇති අතර ඉතිරි ඒවායේ විමර්ශන කටයුතු සියල්ල සිදු වෙමින් පවතින බවද කොමාසම පවසයි.