ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූසිසුවෙකු පානදුර පාසලක හයවැනි වසරට ඇතුළත් කරගැනීම සඳහා ඔහුගේ පියාගෙන් රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවට වරදකරු වූ එම විදුහලේ හිටපු විදුහල්පතිනියට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවමක් අද (29දා) නියම කළේය.
යහපත් පුරවැසියන් බිහි කිරීමට දරුවෙකු පාසලට ඇතුළත් කරගැනීම සඳහා අල්ලස් ඉල්ලීම හා ලබාගැනීම සමාජයේ පිළිලයක් බවට පත්ව ඇති හෙයින් සෙසු අයටද ආදර්ශයක් වන අන්දමට විත්තිකාර විදුහල්පතිනියට දඬුවම් ලබා දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ සුභාෂිණී සිරිවර්ධන මහත්මිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර විදුහල්පතිනියට නියම කළ බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවමට අමතරව රුපියල් 5,000ක දඩයකටද ඇය යටත් කළාය.
නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් වසර දෙකක සිර දඬුවමකටද ඇය යටත් කළ විනිසුරුවරයා, ඇයට නියම කළ බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවම වසර හතරක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
2009 නොවැම්බර් මාසයේදී විදුහලේ හයවැනි වසරට සිසුවෙකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලූ බවට චෝදනා දෙකක් යටතේ අල්ලස් කොමිසම විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණි.