අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදීන් මුලිනුපුටා දමනවා - කෙන්යාව
කෙන්යාවේ ගරිස්සා විශ්වවිද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් සමග 148 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් අල්-ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ත්රස්තවාදීන්ට එරෙහිව දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බව ජනපති උහුරු කෙන්යාටා අවධාරණය කරයි.
ජාතිය අමතා කතා කළ ජනාධිපතිවරයා පවසා සිටියේ අල්-ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන් කෙන්යාව වෙත දැඩි බලපෑමක් ඇති කර තිබෙන බවයි.
එමෙන්ම, ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කිරීමට හා ඒවාට මුදල් සැපයීමට ඉදිරිපත් වන්නන් මුලිනුපුටා දැමීමටද තම රජය වහාම පියවර ගන්නා බව ඔහු කියා සිටියේය.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කරමින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද කෙන්යාටා කටයුතු කර තිබුණි.
ප්‍රහාරයෙන් මියගිය වැඩි දෙනා විශ්වවිද්‍යාල සිසුන් වන අතර, තවත් 79 දෙනෙකු තුවාල ලැබීය.
ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අතර, අයෙකු විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු බවද විදෙස් වාර්තා පවසයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

