අල් කයිඩා සංවිධානයට වක්ර ලෙස සම්බන්ධ බව කියන ශ්රී ලංකා ජාතික ත්රස්තවාදියෙක් අත්අඩංගුවට ගැනීමට මැලේසියානු ආරක්ෂක අංශ සමත් වී තිබේ. ඔහුත් සමග තමත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද ස්ටාර් ඔන්ලයින් පුවත් සේවය වාර්තා කළේය. අනෙක් සැකකරුවන් තිදෙනා ඉන්දියාවේදි අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉන්දියාවේ පිහිටා ඇති විදේශ කොන්සල් කාර්යාලවලට ප්රහාර එල්ල කිරීමේ සූදානමකින් පසවූ බවට මූලික විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූ ශ්රී ලංකා ජාතිකයා 2011 වසරේ පටන් මැලේසියාවේ සැගවි සිටි බවත් මූලික පරීක්ෂණ වලදී සෙයාගෙන තිබේ. සැකකරු මීට ඉහතදීත් අවස්ථා දෙකකදි අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු ත්රස්තවාදි කටයුතු සඳහා පුද්ගලයින් බඳවා ගැනීමටත් උත්සාහකර තිබේ.
'ද ස්ටාර් ඔන්ලයින්' පුවත් සේවය ඇසුරෙනි.