පුත්තලම - අරුවක්කාලුව ප්‍රදේශයට නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම 2020දී ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. මෙම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට අදාළ කසල හුවමාරු මධ්‍යස්ථාන, සනීපාරක්ෂක බිම් පිරවුම් හා දුම්රිය මාර්ග සම්බන්ධතා ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමටද රජය අවධානය යොමුකර තිබේ.