ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) පෙරවරුවේ විවෘත කෙරුණි.
මෙම අවස්ථාවට විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු දේශපාලඥයෝ කිහිප දෙනෙක් ද එක්ව සිටියහ. ඒ අතර සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද විය.
අදාළ විවෘත කිරීමේ පටන් උත්සව සභාව තෙක් ඔහු එම ස්ථානයේ රැඳී සිටි අතර උත්සව සභාවේ ඉදිරි පෙළ අසුනක්ද ඔහුට හිමිව තිබුණි.