රජය මගින් අර්තාපල් හා ලොකළූණු දේශීය ගොවියාගෙන් සහතික මිලකට මිලදී ගනු ලබන්නේ වෙළෙඳ පොළෙහි සාධාරණ හා ස්ථාවර මිලක් පවත්වාගැනීමට බවත්, ඒ අනුව, ලොකුළූණු හා අර්තාපල් මිලදී ගැනීමට පිළිවෙළින් රු.ලක්ෂ 330ක් හා රු.ලක්ෂ 2020ක් සතොස දරා තිබෙන බවත් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව, ලංකා සතොස මගින් මේ වනවිට දේශීය ගොවීන්ගෙන් ලොකුළූණු කිලෝග්‍රෑම් 550,000ක් සහ අර්තාපල් කිලෝග්‍රෑම් 27,00,000ක් මිලදී ගෙන ඇති බවද අමාත්‍යවරයා පවසයි.
එහිදී, අර්තාපල් සඳහා රු.80/- ක සහතික මිලක් හා ලොකුළූණු සඳහා රු.60/- ක සහතික මිලක් දේශීය ගොවීන් වෙත රජය මගින් ලබාදී ඇති බවද අමාත්‍යවරයා පවසයි.