අර්තාපල් මිල දිගින් දිගටම පහත වැටීම නිසා මෙරට වගාකරුවන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
ආනයනික අර්තාපල් කිලෝවකට යොදා තිබූ බදු මුදල රුපියල් දෙකක් දක්වා අඩු කිරීම නිසා ව්‍යාපාරිකයන් දිගින් දිගටම අර්තාපල් රට තුළට ගෙන්වමින් තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
දේශීය ගොවීන්ගේ අර්තාපල් අස්වැන්න මේ වනවිට වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන බවත්, මෙලෙස පැමිණෙන අස්වැන්න මිලදී ගනු ලබන්නේ කිලෝවක් රුපියල් 55 - 60ත් අතර මුදලකට බවද ඔහු කියා සිටියේය.
එහෙත් පොහොර මිල, බීජ මිල සහ මිනිස් ශ්‍රමයේ වටිනාකම ඉහළ යෑම නිසා අර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා ගොවීන්ට රුපියල් 65 - 70ත් අතර මුදලක් වැයවන බවද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
රටට අවශ්‍ය අර්තාපල් අවශ්‍යතාවෙන් 50෴කට වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කරන බවත්, එසේ තිබියදීත් බදු සහන මත දිගින් දිගටම අර්තාපල් ගෙන්වීමට අවසර ලබාදීම නිසා අර්තාපල් ගොවීන්ගේ අස්වැන්නට නියමිත මිලක් නොලැබෙන බවත් කී ඒ මහතා, එහෙත්පාරිභෝගිකයන්ට අර්තාපල් කිලෝවක් මිලදී ගැනීමට සිදුව තිබෙන්නේ රුපියල් 100කට වඩා වැඩි මුදලක් ගෙවා බවද පවසා සිටියේය.
මේ නිසා බදු සහනයේ ප්රතිලාභ පවා හිමිව තිබෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට බවද හෙතෙම සඳහන් කළේය.