පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාට අද (17දා) වහාම බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම ඊයේ (16දා) නියම කළේය.
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කර දැනුම් දීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගිය බව පැවසෙන RK සහ AM ලිපිගොනු දෙක කොමිසමට ඉදිරිපත් කිරීම සඳහා සැමුවෙල් මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එලෙස නියම කළේය.
දරුණු හෘදයාබාධ තත්ත්වයක් මත පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව කියන ස්ටීව් සැමුවෙල් මහතාගේ රෝගී තත්ත්වය සුව වී ඔහු යළි නිවසට ගොස් ඇති බව අනාවරණය වීමෙන් පසු කොමිසම එලෙස නියම කළේය.