පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරුගේ හා ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ දැනුම් දීම මත ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය වූ සමයේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකථන ඇමතුම් දත්ත සියයකට අධික ප්‍රමාණයක් මකා දමා සකස් කළ සංයුක්ත තැටියක් කොමිසමට ඉදිරිපත් කළ බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත්‍රි මහතා අද (04දා)බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.
ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය වූ 2015 පෙබරවාරි 29 හා 31 වැනි දිනවල එහි සිදු වූ දුරකථන ඇමතුම්වලට අදාළ දත්ත මකා දැමීමෙන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා මෙට්‍රොපොලිටන් සමාගමෙන් ස්ථාපිත කොට තිබූ දෘඩ තැටිය (හාඩ් ඩිස්ක්) පරිගණක ක්‍රමවේදයන් භාවිත කරමින් විනාශ කර දැමූ බවද පැවසූ දේවතන්ත්‍රි මහතා කොමිසමෙන් තොරතුරු ඉල්ලූ පසු තොරතුරු විනාශ කර දැමීම වැරදි වැඩක් බව තමන් දන්නේ යැයිද පැවසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන මහත්වරුන්ගේ දැනුම් දීම් අනුව දුරකථන ඇමතුම් දත්ත මකා දැමූ බවද දේවතන්ත්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත්‍රි මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම මත කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඒ බව හෙළි කළේය.
2015 පෙබරවාරි මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත්‍රි මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම කොමිසමට බාරදී ඇති සංයුක්ත තැටිවල සඳහන් තොරතුරුවල යම් යම් කොටස් කපා හැර විකෘති කොට ඇතැයි කීය.
විකෘති කරන ලද සංයුක්ත තැටි වෙනුවට නියම දත්ත අඩංගු සංයුක්ත තැටිවල මුල් පිටපත් කොමිසමට ඉදිරිපත් කරන ලෙස මීට පෙර දිනයේ කොමිසම කරන ලද නියෝගයට අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැණුම්කාර නුවන් සල්ගාදු නමැත්තා අදාළ සංයුක්ත තැටිවල මුල් පිටපත් හතරක් කොමිසමට ඉදිරිපත් කළේය.