බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්රධාන විධායක නිලධාරි කසුන් පළිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අර්ජුන් අලෝසියස් මහතා කොළඹ පිහිටි නිවසේ සිටියදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් සැකකරුවන් ලෙස නම්කර තිබේ.
අර්ජුන් මහේන්ද්රන් මහතාට ලබන 15 දාට පෙර රහස් පොලීසියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති අතර ඔහු සිංගප්පූරුවට ගොස් ඇත.