වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුද පිළිබඳ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා යොමුකළ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (30දා) පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ලිපිය ලැබුණා. ඒ ගැන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමා ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එයාගෙන් වෙලාවක් ගන්න වෙනවා” යැයි ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.