ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා ඛණිජ තෙල් ස්ම්පත් සංවර්ධන අහාත්ය අර්ජුණ රණතුංග මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් කැබිනට් මණ්ඩලයේදී සිදුව තිබේ.
පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත මෙම වචන හුවමාරුව අවසන්ව ඇත.
සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය ඉදිකිරීම සඳහා ලබාදුන් කොන්ත්‍රාත්තුව හා ක්‍රිකට් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර මෙම වචන හුවමාරුව සිදුව ඇති බවද වාර්තා වෙයි.