අරණායක එළගිපිටිය ඇතුලූ ප්‍රදේශයේ ප්‍රදේශ ගණනාවක නාය යෑමේ අවදානම නිසා කදවුරු ගත කොට සිටින පවුල් 800 කට ඇදන් හා ඇද ඇතිරිලි බෙදා දීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් උස්සාපිටිය පොදු ක්‍රීඩාංගනයේදී පැවතණි. මෙවා බෙදා දෙනු ලැබුවේ තායිලන්තයේ සුචී බෞද්ධ සහනසේවා පදනමේ අනුග්‍රාහක දායකත්වය මතයි. ප්ලාස්ටික් ඇදන් සහ ඇද ඇතිරිලි 1500 ක් ප්‍රධානය කෙරුණු අතර මෙම අවස්ථාවට එම සංවිධානයට අයත් තායිලන්තය, තායිවානය, සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව යන රටවල නියෝජිතයින් රැුසක්ද බටහිර ආරක්ෂක සේනා අඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් හා දිසාපති අබේවික්‍රම වනසුරිය, අරණායක ප්‍රාදේශීය ලේකම් එසඞ්. ඒ. එම්. ෆයිසාල් අරණායක ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක, අරණායක පොලිස් ස්ථානාධිපති පො.ප. ජී. ආර්. සුජීව ගුණතිලක යන මහත්වරුද ප්‍රදේශයේ විහාරස්ථාන ගණනානක භික්ෂුන් වහන්සේලා ද රජයේ නිලධාරින් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර