මත්පැන් සහ සිගරැට්වලට වැට් බදු එකතු කර ෆාම් ඔයිල්වලට සෙස් බද්දක් එකතු කිරීමට රජය සාකච්ඡා කර තිබෙන බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.
මීට අමතරව දැනට වෛද්‍ය පරීක්ෂණ සඳහා සහ ගුවන් ටිකට්පත් සඳහා අයකරන වැට් බදු සංශෝධනය කිරීමට තීරණයක් ගෙන තිබෙන බවත්, මෙම යෝජනාව ලබන අඟහරුවාදා (21දා) කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
අද (16දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.