ඇතැමෙකුට නොරිස්සන නමුත් පොදු සුභසිද්ධිය වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීම තම වගකීම සේ සලකන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
සියලු දෙනා සනසමින් අයිස්ක්‍රීම් ලබාදෙන්නා සේ කටයුතු කිරීමේ හැකියාවක් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනයේ නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, අධ්‍යාපන පද්ධතියේ උන්නතිය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගන්නා බවද පැවසීය.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ පැවැති ආසියානු ළමා චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට සහතිකපත් ලබාදීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“වෘත්තිය සමිති ගුරු සංගම් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය ලබාගනිමින් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවී තිබූ ගුරුමාරු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කළා. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නොබියව කටයුතු කරනවා.
ඇතැම් ගුරුවරුන් පාසල් දරුවන්ද උසිගන්වමින් මාරුවීම්වලට එරෙහිව කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. එම ගුරුවරුන්ට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නාවා” යැයි අමාත්‍යවරයා පැවසීය.
එසේම ඉදිරියේදී පවතින ප්‍රතිපත්තීන්ට අනුකූලව වසර පහෙන් පහට ගුරුමාරු යාන්ත්‍රණය සකස් කරන බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.