දිස්ත්‍රික්ක 15කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 24,734කට අයත් පුද්ගලයන් 90,228 දෙනෙකු පමණ පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ප්‍රමාණයෙන් පවුල් 3,129කට අයත් පුද්ගලයන් 12,023 ක ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන 93 ක රඳවා සිටින බව එම මධ්‍යස්ථානය ඊයේ (09දා) නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ.
මීට අමතරව නිවාස 3,479කට හානි සිදුව තිබෙන අතර, වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ. මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 18,405කට අයත් පුද්ගලයන් 66,618 ක් පීඩාවට පත්ව ඇතැයි එම නිවේදනයේ සඳහන් කර තිබෙන අතර, එම පිරිසෙන් පවුල් 733කට අයත් පුද්ගලයන් 2740කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන 21 ක රඳවා තිබෙන බවද සඳහන් කර ඇත.
මෙම දිස්ත්‍රික්ක 15 ජනතාව පීඩාවට පත්ව තිබෙන්නේ දැඩි සුළං තත්ත්වය, අධික වර්ෂාව, ජලයෙන් යටවීම සහ පස් කඳු කඩාවැටීම ආදී ස්වාභාවික ආපදා හේතුවෙනි.
ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව %අද^ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ සරත් වික්‍රමසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි. සෙසු ප්‍ර‘දේශවලටද ගිගුරුම් සහිත වැසි කඩින් කඩ ඇතිවිය හැකි බවද ඔහු පවසා සිටියේය.
වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු වළක්වාගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.