දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිතව තබූ විභාග 08ක් කල්දැමීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයට අනුව 2018 මැයි මස 24, 25, 26, 27 යන දිනයන්හි සහ ජුනි මස 02 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ විභාග මේ අනුව කල්දමන බව විභාග කොසමසාරිස්වරයා සඳහන් කර සිටියි.