දිස්ත්‍රික්ක 20 කට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 483,610 කට අයත් පුද්ගලයන් 1,699,403 ක් පීඩාවට පත්ව තිබේ.
ගෙවී ගිය දින 07 ක කාලය තුළදී ඇතිවූ වැසි සහ ඉවුරු කඩා වැටීම්, වැසි ජලය නිසා ඇතිවූ ගංවතුර තත්ත්වයන් නිසා පවුල් 1,365 කට අයත් පුද්ගලයන් 2,972 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගෙවී ගිය දින 07ක කාලය තුළදී ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාස 84කට හානි සිදුව පුද්ගල මරණ 08ක් සිදුව තිබේ.
ගෙවී ගිය මාස 08කට අධික කාලයක සිට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 482,245 අයත් පුද්ගලයන් 1,696,431 ක් පීඩාවට පත්ව තිබෙන බව ඊයේ (05දා) දිනයේ නිකුත් කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දෛනික වාර්තාව මගින් පෙන්වා දී ඇත.
මේ අතර ඇතිවී තිබෙන දැඩි නියං තත්ත්වය හේතුවෙන්යාල ජාතික වන උද්‍යානයේ සංචාරක කටයුතු දින 13කට නවතා දැමූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 32,168 කට අයත් පුද්ගලයන් 110,961 ක් නියඟය නිසා පීඩාවට පත්ව ඇති අතර, වර්ෂා තත්ත්වය සහ දැඩි සුළං තත්ත්වය නිසා පවුල් 13කට අයත් පුද්ගලයන් 47 ක් පීඩාවට පත්ව සිටිති.