අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ගස් සහ පස් කඳු කඩා වැටීමේ අවදානමක් පැවතීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ රාත්රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කර තිබේ.
රාත්රී 8 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත රාත්රී තැපැල් දුම්රිය සහ පස්වරු 5.45 ට බදුල්ලෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත තැපැල් දුම්රිය මෙලෙස අවලංගු කර තිබෙන අතර රාත්රී 8 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කොට නානුඔය දක්වා පමණක් විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබෙන බව වාර්තා වේ.