ලබන වසරට (2015) ඉදිරිපත් කරන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය හැකි බවත්, සෞඛ්‍ය, අධ්‍යාපනය යන ක්ෂේත්රවලට සැලකිය යුතු මුදල් වෙන්කිරීමක් සිදුවිය හැකි බවත් කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට ඊයේ (09දා) එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අඩුආදායම්ලාභී හා දිළිඳු පවුල් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් මෙවර අයවැය සකස් කරන බවයි.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ වැඩි ජීවනෝපාය හා රැකියා අවස්ථා, ආහාර ආරක්ෂණය, බලශක්ති ආරක්ෂණය හා පරිසර ආරක්ෂණය ඇති කිරීම මගින් සංවර්ධනය තහවුරු කිරීම සඳහා 2015 – 2017 මධ්‍යම කාලීන අයවැය රාමුවක් සකස්කරන බවයි.